තරබාරුකම නිසා ඔබත් පීඩා විදිනවාද?මෙන්න විසදුම



සාමාන්‍යයෙන් බර මනින ඒකකය වෛද්‍ය විද්‍යාවේදී ඊඵෂ දර්ශකය ලෙස හදුන්වනවා. ඒ අනුව පුද්ගලයකුගේ බර 25 ට අඩුනම් එය සාමාන්‍ය තත්ත්වයක්. එහෙත් එය 25-30 ත් අතර නම් තරබාරුව ලෙස හදුන්වනවා. 30-40 නම් ස්‌ථුලතාවය ලෙස හදුන්වන අතර, 40-50 ත් අතරනම් ව්‍යාජ ජනක ස්‌ථුල තාවය ලෙස හඳුන්වනවා. එමෙන්ම 50 ට වැඩිනම් සුපිරි ස්‌ථුලතාවය ලෙස හදුන්වනවා. 

තරබාරුකම නැත්නම් ස්‌ථුලතාවයෙන් පීඩා විදින අයට සහනයක්‌ ලබා දීමට විශේෂ සායනික ප්‍රතිකාර හදුන්වාදී තිබෙන බව ඔබ දන්නවද? තම ශරීරයේ බර නිසා හුස්‌ම ගැනීමට ඇති අපහසුව ඉක්‌මනින් පයින් ඇවිද යාමට ඇති අපහසුව පමණක්‌ නොව තවත් අපහසුතා ඇතිවන වග ඔබ අත්දැකත් ඇති. ඒ වගේම ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා ක්‍රීඩා මධ්‍යස්‌ථාන වෙත ගොස්‌ ව්‍යායාම කරන උදවිය ගැනත් ඔබ අසා ඇතිවාට සැකයක්‌ නැහැ. ඇතැම් විට ඔබත් එසේ ව්‍යායාම්වල නිරතවන කෙනෙක්‌ විය හැකියි. ඇත්තටම ව්‍යායාම කිරීම මගින් මෙන්ම ඇවිදීම වැනි ව්‍යායාම වල නිරත වීමෙන් බර අඩු කර ගත හැකිද? 

වැඩි දෙනෙකු ස්‌ථුල භාවයට පත්වෙන්නේ අධික ලෙස ආහාර අනුභව කිරීමෙන් තමන් ගනු ලබන ආහාරවල ඇති වැඩි කැලරි ප්‍රමාණයන් යළි වැය නොවීම මත ඒවා මේදය ලෙස ශරීරයේ තැන්පත් වෙනවා. එමෙන්ම හෝමෝන හා ජානමය හේතූන් මත ද සමහර අය ස්‌ථුල තත්ත්වයට පත්වෙනවා. විශේෂයෙන් උදරයේ ශරීරයේ දෙපස මෙසේ මේදය තැන්පත් වූ පසු බඩ නෙරා ඒම ශරීරයේ දෙපසින් බඩ එල්ලා වැටීම වැනි සුලබ ලක්‌ෂණ දැකිය හැකියි. 

ආහාර පාලනය මගින් ශරීරයේ මනා පැවැත්ම පවත්වා ගත හැකි බව අවසන් වශයෙන් සඳහන් කළ හැකියි. එමගින් ඔබට සාමාජික ප්‍රශ්න වගේම ආර්ථික ප්‍රශ්නද අවම කරගන්න පුළුවන්.

තරබාරුකම නිසා ඔබත් පීඩා විදිනවාද?මෙන්න විසදුම තරබාරුකම නිසා ඔබත් පීඩා විදිනවාද?මෙන්න විසදුම Reviewed by walaya on 6:47:00 AM Rating: 5
Powered by Blogger.