ජනප්‍රිය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුම් මාරු කරද්දී සේවකයකු වීඩියෝ කරලා (වීඩියෝව සහිතයි)


නිමි ඇඳුම් අලෙවිසලක ඇඳුම් මාරු කරන කුටියක් තුළ ටෙලිනාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුමක් මාරු කරමින් සිටියදී රහසිගතව වීඩියෝගත කළ බවට සැකපිට දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එහි සේවකයකු ගල්කිස්ස අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.

දෙහිවල හිල් වීදියේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසලක සේවකයකු වන මොහොමඞ් නියාස් මොහොමඞ් රිස්වි නමැති සැකකරුවකු මෙලෙස ඇප මත මුදා හැරිණි.

ටෙලි නාට්‍ය නිළියක වන සුලේඛා ජයවර්ධන විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළිය මේ නිමි ඇඳුම් අලෙවිසලෙන් ඇඳුමක් තෝරාගෙන එය ඇඳ බැලීම සඳහා එහි තිබූ කුටියකට ගිය අවස්ථාවේ සැකකරු කුටියේ සිදුරකින් ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කරනු දැක ඒ බව පරිපාලනයට දන්වා පසුව සැකකරු පිළිබඳව දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

සැකකරු බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.

ජනප්‍රිය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුම් මාරු කරද්දී සේවකයකු වීඩියෝ කරලා (වීඩියෝව සහිතයි) ජනප්‍රිය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුම් මාරු කරද්දී සේවකයකු වීඩියෝ කරලා (වීඩියෝව සහිතයි) Reviewed by walaya on 5:13:00 AM Rating: 5
Powered by Blogger.