මංගල රාත්‍රිය පිළිබද චකිතයෙන් පසු වෙන සෑම කෙනෙක්ම දැන ගත යුතුම වැදගත් කරුණු මෙන්න


අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහෝ දෙනා තුල යම් තරමක චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. මංගල රාත්‍රිය යනු ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ ඇති අමර”ය මොහොතක්. එම මොහොත සුන්දර එකක් බවට පත්කරගැනීමට නම් ඔබ ඒ පිළිබඳව යම් දැනුමක් ලබා තිබීම අනිවාර්යයයි.
ප්‍රථමයෙන්ම මදක් විවේක ගන්න
 ඔබ දෙදෙනා මංගල කුටියට පැමිණෙන්නේ දිගු විඩාබර දිනයකට පසුවයි. එපමණක් නොවෙයි මංගල දිනයේ කටයුතු සැලසුම් කිරීම සඳහා මාස කිහිපයක් කායික හා මානසික මේ දෙයාකාරයෙන්ම ඔබ දෙදෙනා වෙහෙස වී තිඛෙනවා. ඉතින් ඒ නිසා කුටියට පැමිණි පසු ප්‍රථමයෙන්ම මදක් විවේක ගන්න. ස්නානය කර දෙදෙනාම කෙටි නින්දක් ලබන්න. පිළිසඳරේ යෙදෙන්න. මධුසමය පිලිබඳ ඔබ තුල ඇති සැලසුම් පිලිබඳ කතා බහ කරන්න.
ලිංගික කටයුතු පිලිබඳ ඔබ තුල ඇති දැනුම ඉතාම අල්ප විය හැකියි.
සමහර විට ඔබට විවාහයට පෙර යම් යම් ලිංගික අත්දැකීම් ඇති. නමුත් විවාහයක් තුල ඇති ලිංගිකත්වය විවාහයෙන් පරිබාහිරව සිදුවන ලිංගික කටයුතුවලට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබ මතකයේ තබා ගත යුතුයි. එසේත් නැතිනම් ඔබට ඒ පිලිබඳ පූර්ව අත්දැකීම් කිසිවක්ම නැතිවත් ඇති. එම නිසා විවාහය තුලදී සිදුවන ලිංගික කටයුතු පිලිබඳ ඉගෙන ගැනීමට ඔබට බොහෝ දේවල් තිඛෙනවා. ඒවා ඔබ දෙදෙනාම එක්ව ඉගෙන ගත යුතුයි.
අතීතය අමතක කර දමන්න.
විවාහ වීමත් සමඟ ඔබ එළඹෙන්නේ ඔබේ ජීවිතයේ නවමු යුගයකටයි. ඒ දිවියේ සතුට පවත්වාගැනීමට නම් අතීතයේ සිදු වූ යම් යම් සිදුවීම්වල මතකයන්ට ඔබ සමුදිය යුතුමයි. අතීතයේ සිදු වූ යම් යම් සිදුවීම් යනු ඔබට තිබූ පෙම් සබඳතා, ලිංගික කටයුතු මේ ආකාරයේ ඕනෑම දෙයක් විය හැකියි. මංගල රාත්‍රිය ගත කරන විට ඒ සියල්ල අමතක කර දමන්න. ඒවායින් ඔබට වන යහපතක් නැහැ. අලුතෙන්ම ජීවිතය පටන් ගන්න.


මංගල රාත්‍රිය පිලිබඳ චකිතයක් ඇති වීම ස්වාභාවිකයි.
ආදර සබඳතාවයකින් පසුව සිදුවන විවාහයක් තුලදී වුවත් මංගල රාත්‍රිය පිලිබඳ ඔබට යම් චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. මෙතෙක් කල් දෙමාපිය රැකවරණය යටතේ කල් ගෙවූ ඔබ ඔවුන්ග්න් වෙන්ව වෙනත් අයෙකු හා තනිවීම නිසා එසේ චකිතයක් ඇති වීම පුදුමයකුත් නෙවෙයි. ඒ නිසා හැකිතාක් සැහැල්ලුවෙන් හා සතුටින් සිටීමට උත්සාහ ගන්න. මංගල රාත්‍රියේ සිදුවන ලිංගික කටයුතු පරිපූර්ණ නැහැ. ඔබට අත්දැකීම් මද වීම, චකිතය ආදී සියල්ලම එයට හේතුවනවා. ඒ නිසා ඒ පිලිබඳ අනවශ්‍ය බියක් ඇති කරගැනීම කළ යුතු නැහැ.
ඔබ දෙදෙනා අතර යහපත් සන්නිවේදනයක් තිබිය යුතුයි.
මංගල රාත්‍රිය යනු ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ සිරුරු පිලිබඳ හොඳින්ම දැන හැඳින ගන්නා දිනයයි. ඔබේ සිරුර පිලිබඳ ඔහුටද ඔහුගේ සිරුර පිලිබඳ ඔබටද දැනගත යුතු දේවල් බොහොමයක් ඇති. ඒ සියල්ල පිලිබඳ ලැජ්ජා නොවී එකිනෙකා හා කතා බහ කිරීමයි කළ යුත්තේ. අනෙක් අතට ඔබට අවශ්‍ය සියලුම දේවල් පිලිබඳ ඔබේ පවසීමකින් තොරව දැනගැනීමට ඔබේ සැමියාට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබේ අවශ්‍යතාවන් පිලිබඳ ඔබ ඔහුට පැවසිය යුතුයි.
ප්‍රථම වරට සිදු වන ලිංගික කටයුතු මදක් වේදනාකාරී විය හැකියි.
මෙයත් මංගල රාත්‍රිය පිලිබඳ සිතන විට කාන්තාවන් බියට පත්වන එක් කරුණක්. මෙහිදී ඇති වන වේදනාව සමනය කරගැනීමට ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගත හැකියි. මෙය සාමාන්‍ය දෙයක් නිසා බිය නොවී එයට මුහුණ දිය යුතුයි. අත්දැකීම් මත මෙම තත්වය මග හැරෙන බවද කිව යුතුයි.
ලිංගික කටයුතු පිලිබඳ සම්පූර්ණ වගකීම සැමියාට පැවරිය නොහැකියි.
ලිංගික කටයුතු සිදුවන ආකාරය පිලිබඳ සම්පූර්ණ වගකීම සැමියාට පැවරිය යුතුයි යන්න ශ්‍රී ලාංකීය සමාජය තුල පවතින වැරදි මතයක්. ලිංගික කටයුතු සම්බන්ධයෙන් සැමියාට හා බිරිඳට සම සමව වගකීම ඛෙදී යනවා. දෙදෙනාම තෘප්තිමත් වුවහොත් පමණයි එහි සතුට රඳා පවතින්නේ. එම නිසා ලිංගික කටයුතු වලදී බිරිඳක් ලෙස ඔබේ කොටස ඔබ ඉටු කළ යුතුයි.


මංගල රාත්‍රිය පිළිබද චකිතයෙන් පසු වෙන සෑම කෙනෙක්ම දැන ගත යුතුම වැදගත් කරුණු මෙන්න මංගල රාත්‍රිය පිළිබද චකිතයෙන් පසු වෙන සෑම කෙනෙක්ම දැන ගත යුතුම වැදගත් කරුණු මෙන්න Reviewed by walaya on 11:25:00 PM Rating: 5
Powered by Blogger.